මේ මාගේ ජිවිත අත්දැකිමකි. එය සත්‍යය සිදුවීමක්.
මෙහි එන නම්ගම් මනඃකල්පිත වේ.
මම ඇයව නිර්මලා යන නමින් හදුන්වමි. ඇය ඉතා දුෂ්කර
ප්‍රදේශයක් වන වාහල්කඩ ගමේ ජිවත්වන තරුණියකි. ඇය ඇගේ පවුලේ එකම ගැහැණු දරුවා වුව ද ඇය තම සහෝදරයන් මෙන් වෙහෙසී වැඩ කිරිමට දක්ෂ විය.
නිර්මලාට අවු. 21 පමණ වන විට විවාහ
යෝජනාවක් ලැබිණි. ඒ ඇගේ ජිවිතයේ සංධිස්ථානයකි. ඇය තම ඥාති සහෝදරයෙකු සමග විවාහ පත්
විය. ඔහු නමින් චමින්දය. ඔහු යුධ හමුදා සෙබලකි. මොවුන්ගේ ආදරණීය කැදැල්ල සුනුවිසුණු
වන්නට වැඩිකලක් ගත නොවී ය. ඔවුන්ගේ විවාහ දිවියට වසරක්වත් පිරිමට පෙර යුද බිමේ දී
අතහැර යන්නට සිදු විය.
නිර්මලාගේ ජිවිතය වෙනස් වුයේ එදා සිටිය. එදා
සිට සමාජයෙන් ගැරහුමට ලක් වන්නට ඇයට සිදු වුණි. ඇය සිතින් මෙන්ම මනසින්ද දුබල වු
අවස්ථා අපමණය. නමුත් ඇය යලි හිස එසවී ය. ඇය තම නිවසේ බර හිසට ගෙන කටයුතු කළාය.
සතුටින් කාලය ගත විය. ඇයට නැවත විවාහ යෝජනාවක් ලැබිණි. නිර්මලාට ජිවිතය පිළිබද
පුංචි බලාපොරොත්තුවක් යළිත් ඇති විය. ඇය දෙවන වරටත් මනාලියක් වුයේ වැලලී ගිය සුන්දර
සිහින යළිත් මල්ඵල ගන්වමින් ය. ඔහු නමින් සුනිල් ය. ඔහු ද රාජ්‍ය අංශයේ සේවයෙකි. ඔවුන්ගේ කැදැල්ල තවත් ලස්සන කරමින්
අමුත්තියක් පැමිණියා ය. ඒ පුංචි සුරංගනාවියක් ය. නමුත් නොසිතු ලෙස සුනිලගේ වෙනස් වීම
හා අතහැර යාම හමුවේ ඇය නැවත තනි විය..... නමුත් ඇයට ජිවත් වීමට බලාපොරොත්තුවක් ඇත.
ඒ ඇගේ සුරතල් දියණිය යි..
මෙම කතා පුවත කියවන ඔබටත් යම් පැනයක් සිතට
නැගෙනවා නොඅනුමානයි. ‘‘ඇය නැවතවරක් විවාහපත් නොවී සිටියානම්.............’’ ඒ ඔබට
දැනෙන දැඩිම ප්‍රශ්නයයි. නමුත්...... මගේ මව පැවසු යමක් මට දැනුදු සිහිපත් වේ. ‘‘ලොකු
පුතේ..... මොනදේටත් වඩා අපිව ජිවත් කරන්නේ බලාපොරොත්තු .’’ ඔව් ! ඒ ඇයගේ කතාවයි. බලාපොරොත්තුව ජිවිතය ජිවත්
කරවයි. එය ඇයටත්, මටත්, ඔබටත් නිසැකවම දැනෙනවා ඇති. ඇය අදටත් සතුටින් ජිවත් වෙයි.
හේන් ගොවිතැනින් සිය එකම බලාපොරොත්තුවේ සුරංගනාවිය ‘පුංචි දියණිය’ ජිවත් කරන්නට
නොදරන වෙහෙසක් නැත. ඇය සමස්ත සමාජයේ ම
දිරිය දියණියකි.
යලි
හමුවෙමු.