සංස්කෘතිය
සංස්කෘතිය යන්න හැදින්වීමේ දී ඉංග්‍රිසි භාෂාවේ එන culture යන පදයට අනුරූපීව සංස්කෘතිය යන වචනය නිර්මාණය වී ඇත. යම් ජන සමාජයක ජීවත්වන්නා වු ජනතාව ජිවත් වන රටාව සංස්කෘතිය යනුවෙන් සරලව පෙන්විය හැකි ය. එකී සංස්කෘතියට එම ජනතාවගේ අතීත මෙන් ම වර්තමාන ජීවන රටාවන් ද අයත් වේ. එම ජිවන රටාව සමාජයේ බහුතරයක් විසින් පිළිගත් සම්මත හැසිරිම් නියම කරගත් අගයන්නා වු රටාවකි. මේ ආකාරයෙන් සෑම සමාජයකම වෙසෙන ජනතාවට තම අපේක්ෂා ඉටුකර ගැනීම සඳහා පිළිගත් සම්මත හැසිරිම් රටාවන් ගොඩ නැගී ඇති අතර එය සමාජ සමුහයක අන්තර් ක්‍රියා මගින් ගොඩනැගේ. සංස්කෘතිය යනු එම හැසිරිම් රටාවයි. සංස්කෘතිය නිරන්තරයෙන් වෙනස් වන්නකි. නැතිනම් ගතික ක්‍රියාවලියක ප්රතිඵලයකි. එය රටකට සමාජයකට පොදු වුවකි. සුවිශේෂි හා අනන්‍යය ලක්ෂණවලින් යුක්ත වුවකි. සංස්කෘතියට භෞතික හා අභෞතික අංග ද ඒ හා බැදුණු චර්යා රටාවන් ද සාමජය විසින් උරුම කර දී ඇති භාෂාව ද අයත් වන බව වින්ස්ටන් පවසයි. මේ අනුව බලන විට සමාජය යනු පුද්ගල අන්තර් ක්‍රියා හා බැදුණු සමාජික එකතුවක් නම් එම සමාජයේ ජිවන ක්රමයේ හරය සංස්කෘතිය ලෙස හැදින්විය හැකියි.
මානව හා සමාජ විද්‍යාඥයන් විසින් සංස්කෘතිය පිළිබඳ විවිධ නිර්වචන ඉදිරිපත් කර ඇත. ඊ. බී. ටයිලර්, රැල්ෆ් ලින්ටන්, බී. මැලිනොව්ස්කි, චාල්ස් ඒ. එල්වුඞ් ඇතුළු සමාජ හා මානව විද්‍යාඥයන් රැසක් ඒ අතර වේ.
බි්රතාන්ය මානව විද්‍යාඥ ඊ. බී. ටයිලර් ,(1871) තම ප්‍රථමික සංස්කෘතිය නම් කෘතියෙන් පළමු වරට සංස්කෘතිය පිළිබඳව පහත නිර්වචනනය ඉදිරිපත් කරයි.
සංස්කෘතිය යනු දැනුම, ඇදහිලි, විශ්වාස, කලාව,සදාචාරය, නිතිය, සිරිත් විරිත් හා සමාජයේ සාමාජිකෙයකු වශයෙන් මිනිසා සාක්ෂාත් කොට ගෙන ඇති හුරු පුරුදු හා හැකියවන් ඇතුළත් සංකිර්ණ සමස්තයයි.
උප සංස්කෘතිය
ජාතික, ආගමික, ආර්ථික, දේශපාලනික, සමාජීය ආදී වශයෙන් වු නොයෙකුත් සාධක මත මහා සංස්කෘතිය තුළ නිර්මාණය වන කුඩා සංස්කෘති උප සංස්කෘති ලෙස හඳුන්වයි. නැතිනම් විවිධ සාධක මත වෙන් වෙන් ව පවතින උප සමාජයට අයත් සංස්කෘතිය උප සංස්කෘතියයි. එය මහා සංස්කෘතියේ ම කොටසකි. සමාන රැකියා, සමාන අදහස්, සමාන හැගිම්, ආකල්ප හා සමාන චර්යා මට්ටම්වල හිදිමින් සමගාමි ක්‍රියාවලියක නිරතවන කණ්ඩායමක් අයිතිය හා හැගීමෙන් යුතුව ක්‍රියාත්මක වීමෙන් උප සංස්කෘතිය බිහි වේ. ආගම, ජන වර්ග, ගිහි පැවැදි බව, ස්ත්‍රී පුරුෂ බව, කුල ගෝත්‍ර, අපචාරී කල්ලි, රැකියා ක්ෂත්ර, වයස් කාණ්ඩ ආදිය ඔස්සේ උප සංස්කෘතිය ගොඩ නැගේ. උප සංස්කෘතින් ලෙස විශ්වවිද්‍යාල උප සංස්කෘතිය, ති‍්‍රවිල් සංස්කෘතිය, වැදි සංස්කෘතිය, ධීවර සංස්කෘතිය, පැවිදි සංස්කෘතිය ආදිය දැක්විය හැකි ය.
උප
සංස්කෘතියේ ලක්ෂණ ලෙස
- එයටම ආවේණික වු බස් වහරක් යොදා ගැනිම
- නිරන්තරයෙන් වෙනස් විම
- විශේෂිත කණ්ඩායමකට ආවේණික වීම
- මහා සංස්කෘතියේ ම ලක්ෂණ දක්නට ලැබීම
- මහා සංස්කෘතියකට බලපෑමක් කළ හැකි වීම
- එයටම අනන්‍ය වු ලක්ෂණ තිබිම
- සමානකම් ඇති පුද්ගල කණ්ඩායමක් විම
මෙසේ සරලව
සංස්කෘතිය හා උප සංස්කෘතිය දැක්විය හැකි
වේ.
Nyamai pavi
ReplyDeletethanks dear
ReplyDeleteGd job pavi
ReplyDeleteadoo ela ela..
ReplyDelete